දුවන පඩිපෙළ
දුවන පඩි පෙළ ටයිල් අතුරන ලද පොළව යට සිට පඩි පේලි එකින් එක මතුව උඩට විත් ඉහළට පාවී යයි. ඔහු ඉන් එකක් කෙසේ තෝරා ගත්තේ දැයි නොවැටහුනත් , ඉන් එකකට පය තබන්නට කලින් මාගේ දකුණතින් අල්ලා ගත යුතුව තිබුණා නොවෙ දැයි මට සිතුනි.නමුත් ඔහු සමඟින් සිටිනා විට මගේ සිතට නැඟෙන බොළඳ සිතුවිලි ඔහුට කීමට යාමෙන් මා ලබන්නේ ඔච්චම් සහගත සිනාවක් පමණක් නිසා එබැවි බොළද සිතුවිලි ම,සිතට පමණක්ම සීමා කර ගනිමි. දුවෙන පඩි පෙළකින් උඩට ගොස් යළිත් එවැනිම වූ දුවන පඩි පෙළකින් පහළට යාමට සැරසෙත්ම පළමුවර මෙන් සමතුලිතතාවය නොමැති වීමට ඉඩ දිය නොහැකි නිසා පළමු පඩියට පය තැබීමට ප්‍රථම දැඩිව ඔහුගේ වමතින් අල්ලා ගත්තෙමි. අල්ලා ගත් අත දැවිඩ වැළඳ ගනිමින් ඔහුට තුරුලුව ඉතිරි පඩිපේලි දිගේ ගලා යාමට ආසා කළ ද ඒ් ආසාව ද සමඟින්ම, නිවරදිව පඩියට අඩිය තැබීමට එවර හැකි වූ මුත් මා සිටි පඩිය පහළට ගමන් කිරිමට පටන් ගත් සැණින්ම ඒ අතෙහි ග්‍රහණය මුදා හලෙමි. එවර අප ඇතුලු වූ ශාලාව නොයෙකුත් ආකාරයේ ගැහැණුන් ගෙන් සහ පිරිමින්ගෙන් ද කුඩා දරුවන් සහ යෞවන යෞවනියන්ගෙන් ද විශේෂයෙන්ම ආදරවන්තයන් යැයි සිතිය හැකි අයගෙන්ද පිරී පැවතුණ අතර , එහා මෙහා යන සෙනඟටත් වඩා වැඩි පි...